හතරවෙනි කර්මාන්ත විප්ලවය

අවුරුදු දෙකකට පමණ පෙර ඩාවෝස් නගරයේ ‍රැස්වුණු ලෝක ආර්ථික සංසදයේ ප්‍රධාන මාතෘකාවවුයේ හතරවෙනි කර්මාන්ත විප්ලවයයි. ඩිජිටල්, භෞතික සහ ජෛව පද්ධති (digital, physical and biological) අතර ඇති වෙනස අවම වීම, මෙම පද්ධති එකතුවීම සහ එක්ව ක්‍රියාකිරීමට පටන් ගැනීම හතරවැනි කර්මාන්ත විප්ලවයේදී බලාපොරොත්තුවේ.

මේ වෙනස සමග දැනට ඇති ‍රැකියා මිලියන 5කට වැඩි ප්‍රමාණයක් නැතිවී යනු ඇතැයිද බලාපොරොත්තුවේ. මුලින්ම සමහර කුසලතා (skill) අඩු ‍රැකියා නැතිවී අනු ඇතැයි සිතුවද, පර්ගණක පද්ධති දියුණුව නිසා සමහර කුසලතා ඉහල ‍රැකියාද ස්වයංකරණට (automation) අහිමීවී යනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙම සකච්චාව තුල බලාපොරොත්තුවන්නේ දැනට ලෝකයේ අධික වේගයෙන් සිදුවන තාක්ෂණික සහ පාරිසරික වෙනස්වීම සහ එම වෙනස්වීම් හරහා සිදුවන වෙළඳපල සහ දේශපාලණික වෙනස්වීම හරහා ඔබගේ ජීවන යාත්‍රාව පදවා යා හැකි මාර්ග අනාවරණය කරගැනිමය.

ලෝක ආර්ථික සංසදය මගින්, හතරවෙනි කර්මාන්ත විප්ලවය ගැන, නිෂ්පාදනය කල විනාඩි 11ක වාර්ථාමය විඩියෝවක් ඔබට පහතින් දැකිය හැක

අලුත් කොම්පැනියක්?

පසුගිය වසර සියය ඇතුලත ලෝකයේ ප්‍රධාන සමාගම් අතර තිබු එක් සමාගමකි ජීඊ GE (ජෙනරල් ඉලෙක්ට්‍රික්, General Electric). නමුත් මෙම සමාගම වසර කිහිපයකට පෙර එම සමාගම අභ්‍යතරව සිදුකල වෙනස් වීම් සහ එයට සමානුපාතිකව සිදුකල සේවකයන් බඳවා ගැනිම්වල වෙනස්කම් ගැන සොයා බලමු.

GE ප්‍රසිද්ධියක් ලභාතිබුණේ විශාල එන්ජින් (දුම්රිය, ගුවන්යානා) නිශ්පාදනය, විවිධාකාර විදුලි ගෘහ භාන්ඩ නිශ්පාදනය, තෙල් කැනිම, බලශක්ති ජනනය, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල යන්ත්‍ර නිශ්පාදනය ආදියටය.

ඩිජිටල් තාක්ෂණයේ දියුණුව සමග එම සමාගම තම සතුව තිබු දත්ත සහ එම දත්ත භාවිතයෙන් කල හැකි දෑ (උදා: ක්‍රියාවලි ප්‍රශස්තිකරණය process optimization) මෙන්ම එමගින් තම ලාභ ඉහල දමාගැනීම ගැනද කල්පනා කලා. නමුත් GE යනු විශාල යන්ත්‍රොපකරණ නිශ්පාදන සමාගමක් යැයි තිබු දෘෂ්ඨිය (outlook) නිසා මෙම දත්ත විශ්ලේෂණය සහ ඒවා පාවිච්චිය සඳහා මෘදුකාංග නිපැදවීමට අවශ්‍ය කුසලතාවයන් ඇති සේවකයන් බඳවාගැනීම සඳහා ඔවුන් භාවිතාකල රූපවාහිණි දැන්වීම් කිහිපය බලමු.

අවුරුදු ගනනාවකට කලින් GE වල වැඩකල සියාගේ මිටිය අලුත් මෘදුකාංග ඉන්ජිනේරුවාට ඉසිලිය හැකිද?

මෘදුකාංග ඉන්ජිනේරුවන් වැඩ කරන්නේ සැබැ ලෝකයේ නොව මවාගත් ලෝකයක යනාදි සමාජයේ සාමන්‍යයෙන් ඇති මතිමතාන්තර භාවිතාකර ඔවුන් මෙම දැනිවීම ඉතා සිනහ දනවන ආකාරයට නිර්මාණයකර තිබුණා.

එයින් ටික කලකට පසුව එම දැනිවීමවල සිටි ඔවන් නම් චරිතය GE ඇතුලත ‍රැකියාව කරන අතරතුර ඔහුගේ යහලුවන් GE හි ‍රැකියාවක් ලභාගැනීමට උත්සාහ කරන ආකාරය පෙන්වන දැන්වීම කිහිපයක්ද දක්නට ලැබුනා.

සාරංශය:

  • ඔබ උගත් දෑ ක්‍රියාවලියට නැංවීම කලහැකි තැන් වෙනස් වෙමින් පවතී
  • අවුරුදු සියගනනක් එකම විධියට පැවති සමාගමකට වුවද වෙනස් විය හැක
  • එම වෙනස්වීම ඉහලින් හඳුනාගත යුතුය. ඉහලින් ක්‍රියාත්මක කලයුතුය (GE හි වෙනස්වීම සඳහා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඉමෙල්ට් ගේ ක්‍රියාකාරකම් පසුව සොයා බලමු)
  • සමාගමක් වෙනස්වීමට උත්සාහ කිරීමේදි එහි මානව සම්පත් අංශයද (HR) තම සමාගමේ අරමුණ මෙන්ම තමන්ගේ අඩුලුහුඬුකම් තේරුම් ගත යුතුය
  • මේ රුපවාහිණි දැන්වීම් සකස්කල සමාගමද සමාජීය ආකල්ප අතර ඇති වෙනස්කම් සහ GE වෙනස් කිරීමට ගන්නා උත්සාහයේ අරමුණු තේරුම්ගත් සෙයක් පෙනේ